Friday, September 20, 2024

General line - 0115112241

පාද යාත්‍රාවට ආ හරිම ගාණ දැනගන්න රටේ ‘ලොකු තැන‘ හොරෙන්ම දුන්න කෝල් එක!



පහුගිය දවස් වල ලංකාවේ ප්‍රධාන මාතෘකාව වුණේ ඒකාබද්ධ විපක්ෂේ අය නුවර ඉඳන් කොළඹට ගියපු පාද යාත්‍රාවනේ..

පාද යාත්‍රාවට ආපු සෙනග ගැනත් දේශපාලන වේදිකාවේ වාද විවාද ඇති වුණා.

ආණ්ඩු පක්ෂයේ අය පාද යාත්‍රාවට ආවේ 5000 කියලා කියද්දි,පාද යාත්‍රාවේ ගියපු ඇතැම් මන්ත්‍රීනිලා නම් කිව්වේ කෝටි දෙකකටත් වඩා සෙනග ආවා කියලයි.

කොහොමෙන් කොහොමෙන් හරි රටේ ලොකුම පුටුවේ ඉඳගන්න ලොකු මහත්තයාටත් පාද යාත්‍රාවට ආපු හරිම සෙනග ගාණ දැනගන්න වුවමනා වුණාලු.

එක එක අය එක එක ගාණවල් කියපු නිසා හරිම ගාණ දැනගන්න උන්නැහැට වුවමනා වුණාලු.

මේ ගැන කල්පනා කරපු මේ ලොකු මහත්තයා හෙල්මට් නැතිව බයිසිකල් වල යන ගමන් පාද යාත්‍රාව සංවිධානය කරන්න හරි හරියට මහන්සි වුණ උඩරට පළාතේ මන්ත්‍රී කෙනෙකුට කතා කළාලු.

පස්සේ අර ලොකු මහත්තයා මෙහෙම ඇහුවලු..ඇත්ත කියනවා..ඔයාලගේ පා ගමනේ ඇත්තටම කොච්චර සෙනගක් ආවාද?

ලොකු මහත්තයාගේ මේ ප්‍රශ්ණෙන් තක්බීර් වුණ මේ උඩරට කටකාර මන්ත්‍රීතුමා හිතලා බලලා රවුම් කරලා ගණක් කිව්වලු..

ඒකත් එහෙමද අහපු ලොකු මහත්තයා පස්සේ ෆොන් එක තිබ්බලු..