Friday, September 20, 2024

General line - 0115112241

සිසුවියක් සමග සිට ආන්දෝලනයට ලක්වූ ‘බෝල්ට් බන්දන්න’ ජැමෙයිකාව සුදානම් – අත ගන්න පෙම්වතිය කාසි (PHOTOS)



ලොව වේගවත්ම ක්‍රීඩකයා ලෙස විරුදාවලිය ලබා සිටින උසේන් බෝල්ට් ගේ විවාහ ගිවිස ගැනීම ළඟදීම සිදුවන බව ජැමෙයිකාවේ මාධ්‍ය පවසනවා.

උසේන්ගේ සොයුරිය එරට මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ රියෝ ඔලිම්පික් උළෙලට පසුව තවත් උත්සවයකට ජැමෙයිකාව සුදානම් විය යුතු බවයි.

එය උසේන් බෝල්ට් ගේ විවාහ ගිවිස ගැනීම බවයි පැවසෙන්නේ.

ඔහුගේ පෙම්වතිය කාසි බෙනට් නම් 26 හැවිරිදි ජැමයිකානු තරුණියක් වන අතර බෝල්ට මීට පෙර පෙම්වතියන් කිහිපදෙනෙක් සිටි බවයි පැවසෙන්නේ.

රියෝ ඔලිම්පික් උළෙලට සහභාගීව සිටි උසේන් බෝල්ට් 30වැනි උපන් දිනයේ දී විසි හැවිරිදි සිසුවියක් සමග කාමරයක ගත කල ඡායාරූප කිහිපයක් මේ වනවිටත් දැඩි කතාබහකට ලක්ව තිබෙනවා.

K1 K2 K4 K5 K7 K22