Friday, September 20, 2024

General line - 0115112241

කැන්ගරුවන්ට වරදින්න ප්‍රේමදාස පිටිය වෙනස් කරලා – තිසරට වාසිය දීලා



අද (24 ) ආරම්භ වන දෙවැනි එක්‌දින තරගය සඳහා පසුගිය තරගයට සාපේක්‍ෂව විශාල පහරවල් ගැසිය හැකි තණතීරුවක්‌ සකස්‌ කර ඇති බව ක්‍රීඩා පිටියේ ආරංචි මාර්ග පවසනවා.

තිසර පෙරේරා වැනි විශාල පහරවල් සඳහා කැමැත්තක් දක්වන ක්‍රීඩකයන්ට එම තණතීරුවෙන් වැඩක්‌ ගත හැකි බවයි ශ්‍රී ලංකාවේ විශ්වාසය වී ඇත්තේ.

මෙම තණතීරුව පිළිබඳව ශ්‍රී ලංකා නායකයා ද ප්‍රසාදය පල කර ඇති බව වාර්තා වනවා.

මෙම තණතීරුවේ තරගයට සහභාගිවීමට අපේක්‍ෂිත ශ්‍රී ලංකා කණ්‌ඩායමට තිලකරත්න ඩිල්ෂාන්, කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්‌, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්‌, සීකුගේ ප්‍රසන්න හෝ ඇන්ජලෝ පෙරේරා, මිලින්ද සිරිවර්ධන, තිසර පෙරේරා, ඩිල්රුවන් පෙරේරා, අමිල අපොන්සු සහ ලක්‍ෂාන් සඳකැන් ඇතුළත් වනවා.