Friday, October 18, 2024

General line - 0115112241

ෆ්ලොරීඩාව චීන්නුන්ට දොර වසයි




අමෙරිකාවේ ග්‍රීන් කාඩ්පත් නොමැති චීන ජාතිකයින්ට ප්‍රාන්තයේ දේපල මිලදී ගැනීම සීමා කරන නීතියකට ෆ්ලොරිඩා ප්‍රාන්ත බලධාරීන් අත්සන් කළ බව වාර්තා වේ.

නව නීතිය ප්‍රාන්තයේ වෙසෙන චීන ජනතාව අතර නොසන්සුන්තාවය සහ ව්‍යාකූලත්වය වර්ධනය කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

ඇතැමුන් පෙන්වා දෙන්නේ නව නීතිය ඔවුන්ගේ ව්‍යාපාරවලට හානි කර ඇති බවයි.

ෆ්ලොරිඩාව සම්පූර්ණයෙන්ම අත්හැරීමට ඇතැම් චීන වැසියන් සලකා බලමින් සිටින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

අමෙරිකාවේ ජීවත් වීමට ස්ථිර අයිතියක් නොමැති චීන පුරවැසියන් සඳහා, විශේෂයෙන්ම එම ප්‍රාන්තයේ කිසිදු දේපලක් මිලදී ගැනීම තහනම් කරමින් නීතිය තවත් පියවරක් ඉදිරියට යන බව ද පැවසේ.

රුසියාව, ඉරානය, උතුරු කොරියාව, කියුබාව, වෙනිසියුලාව සහ සිරියාව යන රටවල පුරවැසියන්ට ෆ්ලොරිඩාවේ ඕනෑම හමුදා මූලස්ථානයක් හෝ තීරණාත්මක යටිතල පහසුකමක් ස්ථාපිත ප්‍රදේශයක සිය සැතපුම් 10 ක් ඇතුළත දේපල මිලදී ගැනීම තහනම් කර ඇත