Sunday, September 8, 2024

General line - 0115112241

ඉන්දියාව කටාරය සමග ජෙට් යානා ගනුදෙනුවක

චිරාන් ධර්මසේන




ඉන්දියාව සහ කටාරය කටාර් Mirage 2000-5 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානා 12 ක් මිලදී ගැනීමේ යෝජනාව පිළිබඳව සාකච්ඡා පවත්වා තිබේ.

ඉන්දීය පාර්ශවය සහ කටාර් කණ්ඩායම අතර සාකච්ඡා පැවැත්වුණේ නවදිල්ලි අගනුවරදීයි.

කටාරය සතුව ඇති මිරාජ්-2000 ගුවන් යානා 12 ක වත්මන් තත්ත්වය පිළිබඳව කරාට් බලධාරීන් ඉන්දීය නිලධාරීන්ට ඉදිරිපත් කිරීමක් කළ බව ආරක්ෂක ආරංචි මාර්ග පවසයි.

එම ගුවන් යානා ඉතා හොඳ තත්ත්වයේ පවතින අතර ඒවායේ කාර්යක්ෂමතාව ඉතා ඉහළ බව ද ඔවුහු පැවසූහ.

කෙසේවෙතත් කටාරය ඉදිරිපත් කර ඇති මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් ඉන්දීය පාර්ශවය තවදුරටත් සලකා බලමින් සිටින බව වාර්තා වේ.

ඉන්දියාව පවසන්නේ කටාරය ඉදිරිපත් කර ඇති ගුවන් යානාවලට වඩා තමන් සතු ඉන්දියන් මිරාජ්-2000 ගුවන් යානා ඇණිය තත්ත්වයෙන් වඩා උසස් බවයි.

එහෙත් රටවල් දෙකම සතු Mirage වර්ගයේ ප්‍රහාරක යානාවල එන්ජිම් සම තත්ත්වයේ පවතින බැවින් නඩත්තු කිරීම පහසු බව පැවසේ.

කටාරය තමන් සතු ගුවන් යානා 12 ක් ඉන්දීය හමුදාවට අලෙවි කිරිමට සූදානම් වන්නේ රුපියල් කෝටි 5,000 කටයි.

එහෙත් ඉන්දියාව මෙතෙක් එම අගයට කැමැත්ත පළ කර නැහැ