Sunday, September 8, 2024

General line - 0115112241

යුධ ගැටුම් මැද ගාසා වැසියන්ට තවත් දරුණු අනතුරක් - ලෝක සෞඛ්‍ය සංවිධානයෙනුත් අනතුරු ඇඟවීමක්




වේගයෙන් ආසාදනය වියහැකි පෝලියෝ වෛරසයේ ප්‍රභේදයක් පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය ගාසා වැසියන්ට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

ඒ පෝලියෝ වෛරසයේ ප්‍රභේදය ගාසා තීරයේ ප්‍රදේශ 06කින් හමුවීමත් සමගයි.

මෙම පෝලියෝ වෛරස ප්‍රභේදය VDPV2 ලෙස හඳුනා ගෙන ඇති අතර  ගාසා තීරයෙන් ලබාගත් අපද්‍රව්‍ය සාම්පල වල තිබී එම වෛරස ප්‍රභේදය හමුවූ බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ .

මෙම වෛරසය ආසාදනය වුවහොත් එම පුද්ගලයින් අංගවිකල වීමට හැකි බවට සඳහන්.

පසුගිය මාසයේ ඛාන් යුනිස් සහ ඩෙයා අල්-බලා යන ස්ථානවලින් ලබාගත් සාම්පල 6ක තිබී එම ප්‍රභේදය හමුවූ බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.

යුද්ධය හේතුවෙන් ගාසා තීරයේ අපද්‍රව්‍ය පද්ධතියේ කොටස් විනාශ වී ඇති අතර ඇතැම් ස්ථානවල විවෘත අපද්‍රව්‍ය තටාක ද නිර්මාණය වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.  

අපද්‍රව්‍ය ජලය හා මිශ්‍ර වීමෙන් රෝග වේගයෙන් පැතිරයාමේ අවදානමකට ලක්ව තිබෙනවා.

එසේම සෞඛ්‍ය සේවකයින් අතර රෝගය පැතිරීම වේගවත් වන බවයි වාර්තා වන්නේ.

ගාසා තීරයේ යොදවා සිටින සියලුම සොල්දාදුවන්ට පෝලියෝ එන්නත් ලබා දෙන ලෙස නියෝග කර ඇති අතර දැනටමත් එන්නත් කර ඇති සොල්දාදුවන්ට බූස්ටර එන්නත් මාත්‍රාවන්ද නිර්දේශ කර තිබෙනවා.

මේ වන විට ආශ්‍රිත ආසාදන කිසිවක් නොදන්නා බවත් ඒ ආශ්‍රිත අංශභාග රෝග වාර්තා වී නමැති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.