නීතියට අනුකූලව ත්‍රීරෝද රථවල සවිකර ඇති අමතර උපාංග ඉවත් නොකිරීමට පොලීසිය තීරණය කර තිබෙනවා.
ඒ අනුව, ත්‍රීරෝද රථවල අමතර උපාංග සවි කළ හැකි නෛතික රාමුව හා සීමාවන්ට අනුකූලව ත්‍රීරෝද රථවල නීත්‍යානුකූලව සවිකර ඇති කොටස් ඉවත් නොකිරීමට මින් ඉදිරියට පොලීසිය කටයුතු කරනු ඇති.
මෙම තීරණය ගෙන ඇත්තේ, සමස්ත ලංකා ත්‍රීරෝද රථ උපාංග කොටස් නිෂ්පාදකයන් හා අලෙවිකරුවන්ගේ සංගමයේ සාමාජිකයන් සහ වැඩබලන පොලිස්පතිවරයා අතර අද පැවැති සාකච්ඡාවේදීයි.
එහෙත් නීතියට අනුකූල නොවන අන්තරාදායක ආකාරයෙන් සවි කර ඇති කොටස් ඉවත් කිරීමට කටයුතු කරන බවයි එහිදී දැනුම්දී ඇත්තේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසුවේ ත්‍රිරෝද රථ උපාංග කොටස් නිෂ්පාදකයන්ගේ සහ අලෙවිකරුවන්ගේ රැකියා අහිමි කිරීමට ශ්‍රී ලංකා පොලීසිය කිසිවිටකත් කටයුතු නොකරන බවයි.
“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට සමගාමීව බස් රථ සහ ත්‍රිරෝද රථවල අමතර උපාංග ගලවා ඉවත් කිරීම සම්බන්ධයෙන් ඉකුත් සමයේ දැඩි කතාබහක් මතු වුණා.
ඒ අනුව අන්තරාදායක ආකාරයෙන් සවි කර ඇති කොටස් ඉවත් කිරීමට මාස 03ක කාලයක් ලබාදීමටයි පොලිසිය ඉකුත්දා තීරණය කළේ.