Sunday, September 8, 2024

General line - 0115112241

ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂකත්වය කමලා හැරිස්ට හිමිවන ලකුණු




අමෙරිකානු ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් අපේක්ෂකත්වය එරට උප ජනාධිපති කමලා හැරිස් වෙත හිමිවනු ඇති බව එරට මාධ්‍ය වාර්තා අනාවරණ කරනවා.

ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වයෙන් ඉවත් වන බව ජනාධිපති ජෝ බයිඩ්න් ඊයේ නිවේදනය කළා.

ඒ අනුව මෙවර අමෙරිකානු ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් අපේක්ෂකයා ලෙස කමලා හැරිස්ගේ නම යෝජනා කරන බවයි ජනාධිපති ජෝ බයිඩ්න් නිවේදනය කළේ.

කෙසේවෙතත් එම යෝජනාව ඩිමොක්‍රටික් පක්ෂ සමුළුවේදී අනුමත විය යුතු වනවා.

දැනටමත් ඩිමොක්‍රටික් පක්ෂයේ ඉහළ පෙළේ නායකයන් රැසකගේ සහය කමලා හැරිස්ට ලැබී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

ජෝ බයිඩ්න් ජනාධිපතිවරණයෙන් ඉවත් වන බව ප්‍රකාශයට පත් කර පැය 24කටත් වඩා අඩු කාලයක් තුළ කමලා හැරිස්ගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 81ක මුදලක් එකතුව ඇති බවද එම වාර්තාවල දැක්වුණා.