Wednesday, January 15, 2025

General line - 0115112241

ජනාධිපතිවරණයට 40ක් ඇප බඳියි




මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 40 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

ඒ, අද දිනයේදී ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 04 දෙනෙකු ඇප මුදල් තැන්පත් කිරීමත් සමගයි.

පිළිගත් දේශපාලන පක්ෂ 22කින්, වෙනත් දේශපාලන පක්ෂයකින් හා ස්වාධීන අපේක්ෂකයින් 17දෙනෙකුද මෙලෙස ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. 

ජනාධිපතිවරණයට අදාළව ඇප මුදල් භාර ගැනීමේ කටයුතු ජූලි මස 26වන දින සිට ආරම්භ වුණා.

එය අද මධ්‍යහ්න 12ට අවසන් කෙරුණු අතර නාම යෝජනා භාර ගැනීම හෙට සිදු කිරීමට නියමිත බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසුවේ.

නාම යෝජනා භාර ගන්නා හෙට දිනයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බවයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර පැවසුවේ.

හෙට දිනයේ අපේක්ෂකයින් සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.