Wednesday, January 15, 2025

General line - 0115112241

රුසියාවේදී පුද්ගලයන් 22 දෙනෙකු සමඟ හෙලිකොප්ටරයක් ​​කඩා වැටෙයි  




රුසියාවේ නැගෙනහිර කම්චැට්කා අර්ධද්වීපයේ පුද්ගලයන් 22 දෙනෙකු සමඟ හෙලිකොප්ටරයක් ​​කඩා වැටී තිබෙනවා 

සංචාරකයින් 19 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 3 දෙනෙකු රැගත් හෙලිකොප්ටරය සෙනසුරාදා ගුවන් ගත වී ටික වේලාවකින්   Vachkazhets ගිනි කන්ද අසල රේඩාර් වලින් අතුරුදන් වී තිබුනා 

අයහපත් කාලගුණික තත්ත්වයන් තුළ දුර්වල දෘශ්‍යතාව හේතුවෙන් හෙලිකොප්ටරය කඩා වැටෙන්නට ඇති බවයි රුසියාවේ ගලවාගැනීම්කරුවන් පවසන්නේ.

ගලවාගැනීම්කරුවන් අද උදෑසන හෙලිකොප්ටරය රේඩාර් පද්ධතියෙන් ඉවතට ගිය ස්ථානයට ආසන්නයේ දී  මීටර් 900 ක් උස කඳුකර ප්‍රදේශයක තිබී සුන්බුන් සොයා ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මේ වන විට රුසියාව:ගලවාගැනීම්කරුවන් මළ සිරුරු 17 ක් සොයාගෙන ඇති අතර ඉතිරි පුද්ගලයින් සෙවීමේ කටයුතු අඛණ්ඩව සිදු කරන බවයි.

කම්චැට්කා යනු එහි ක්‍රියාකාරී ගිනිකඳු සහ පෞරාණික ස්වභාවය නිසා වික්‍රමාන්විත සංචාරක ව්‍යාපාරය සඳහා ජනප්‍රිය මනරම්, කඳුකර කලාපක් වනවා.

Mi-8 යනු රුසියාවේ ප්‍රවාහනය සඳහා බහුලව භාවිතා වන සෝවියට් නිර්මාණය කරන ලද හමුදා හෙලිකොප්ටරයකි.

අනතුරට ලක් වූ හෙලිකොප්ටරය ක්‍රියාත්මක කර ඇත්තේ Kamchatka පදනම් කරගත් Vityaz-aero නම් සංචාරකයින් සඳහා ගුවන් ගමන් සංවිධානය කරන සමාගමක් විසින්  බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නනේ