Sunday, December 22, 2024

General line - 0115112241

දින 248ක් තුළ අමෙරිකාවේ පාසල් වෙඩි තැබීම් 45ක්




මෙම වසරේ ගතවූ දින 248 තුළ අමෙරිකාවේ පාසල් වෙඩි තැබීම් 45ක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය අද වාර්තා කළා.

ඒ, ජෝර්ජියාවේ පාසලකදී සිව් දෙනෙකුට මරු කැඳවමින් සිදුවූ වෙඩි ප්‍රහාරයත් සමගයි. 

2023 වසරේ පළමු දින 248තුළ අමෙරිකාවේ පාසල් ඇතුළු අධ්‍යාපන ආයතන තුළ සිදු වූ වෙඩි තැබීම් සංඛ්‍යාව 82ක්.

එය 2008 වසරෙන් පසු අමෙරිකාවෙන් වාර්තා වූ වැඩිම වෙඩි තැබීම් සංඛ්‍යාවයි. 

මේ අතර, ලොව පුරා කතාබහක් ඇති කර ඇති අමෙරිකාවේ ජෝර්ජියාහි පාසලක සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු රැසක් අනාවරණ වෙමින් තිබෙනවා.

නවතම වාර්තාවක දැක්වෙන්නේ මෙම පාසලට වෙඩි තැබීමක් සිදු විය හැකි බවට 2023 වසරේ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබූ බවයි.

මෙම වෙඩි තැබීමට අත්අඩංගුවට ගත් 14 හැවිරිදි සිසුවාම නිර්ණාමික ඇමතුමක් පාසලට ලබා දී ඇති බවටද එෆ් බී අයි වාර්තාවක සඳහන්. 

ජෝර්ජියාවේ සිදුවූ මෙම වෙඩිතැබීමෙන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

ඒ අතරට ගුරුවරුන් දෙදෙනෙකු හා සිසුන් දෙදෙනෙකු ඇතුළත්. 

තවත් සිසුන් 08 දෙනෙකු සහ ගුරුවරයෙක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.