ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා සිය ඉන්දුනීසියා සංචාරය අවසන් කිරීමෙන් පසු පැපුවා නිව්ගිනියාවට ගොස් තිබෙනවා.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමාට පැපුවා නිව්ගිනියා රජයෙන් සහ එරට ජනතාවගෙන් උණුසුම් පිළිගැනීමක් ලැබුන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
පාප්තුමන් පැපුවා නිව් ගිනියාවට පැමිණියේ මිෂනාරීවරුන් කළ ආරාධනාවක් පිළිගනිමිනි.
පෝර්ට් මෝර්ස්බි නගරයේ පාප්තුමන්ගේ ප්‍රධානත්වයෙන් දේව මෙහෙයක් පැවැත්වුණු අතර 35,000 කට වැඩි පිරිසක් ඊට සහභාගී වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
පැපුවා නිව්ගිනියා සංචාරය අවසන් කිරීමෙන් පසු පාප්තුමා නැගෙනහිර ටිමෝර් රාජ්‍යයටත් පසුව සිංගප්පූරුවටත් යෑමට නියමිතව තිබෙනවා.