Wednesday, January 15, 2025

General line - 0115112241

ඉම්රාන්ට නිදහස ඉල්ලා පැවති විරෝධතාවකට පොලිසිය කඳුළු ගෑස්




ඉම්රාන් ඛාන් නිදහස් කිරීමට බලකරමින් පාකිස්තාන තාරික් ඊ ඉන්සාෆ් සංවිධානය කර තිබූ රැළිය අවසානයේදී 
ඇතිවූ ගැටුමෙන් පොලිස් නිලධාරීන් විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා.

ඒ රැළිය පැවැත්වීම සඳහා ලබාදුන් කාල සීමාව ඉක්මවමින් ආධාරකරුවන් රැඳී සිටීම හේතුවෙන් ඔවුන් විසුරුවා හැරීමට පාකිස්තාන පොලිසිය කඳුළු ගෑස් එල්ල කිරීමත් සමගින්.

ඉම්රාන් ඛාන් සති දෙකක් ඇතුළත නිදහස් නොකළහොත් පාකිස්තාන ජනතාව පැමිණ ඔහු නිදහස් කරගෙන රැගෙන යනු ඇති බවත් වාචිකව කරන මෙම බල කිරීම් ඉදිරියේදී ලේ වැගිරවිමක් දක්වා ඔඩු දුවනු ඇති බවත් එහිදී එම රැළියට පැමිණ සිටි ආධාරකරුවන් අමතමින් කයිබර් පක්තුන්ක්වා ප්‍රධාන අමාත්‍ය අලි අමින් ප්‍රකාශ කර තිබෙනවා 

වත්මන් රජය ඉම්රාන් ඛාන්ට එරෙහිව හමුදා අධිකරණයේ තවත් නඩුවක් ගොනු කිරීමට උත්සාහ කරන බවත් ඔහුට එරෙහිව තවත් නඩු ගොනු කිරීමට වත්මන් රජයට ඉඩ ලබාදිය නොහැකි බවත් අමාත්‍යවරයා එහිදී පවසා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 

ඊට සහභාගී වූ ඉම්රාන් ඛාන්ගේ නීතිඥවරුන් ප්‍රකාශ කර සිටියේ ඔහුට එරෙහිව ගොනුකර ඇති නඩු සියල්ලටම පහේ ඔහුට වාසිදායක වන අයුරින් තීන්දු ලැබී ඇති බවත් ඒ හේතුවෙන් පාකිස්තාන රජය ඔහුව නිදහස් කිරීමට කටයුතු කළ යුතු බවයි .