Wednesday, January 15, 2025

General line - 0115112241

 ගෞතම් අදානි බංග්ලාදේයේ අන්තර්වාර රජයට අනතුරු අඟවයි




ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානි බංග්ලාදේයේ අන්තර්වාර රජයට අනතුරු අඟවා තිබෙනවා 

ඒ  බංග්ලාදේශයට විදුලිය සැපයූ අදානි සමාගමට ලැබිය යුතු අමෙරිකානු ඩොලර් මිලියන 500ක හිඟ මුදලක් ඉල්ලමින්. 

එම හිඟ මුදල මෙතෙක් නොගෙවීම හේතුවෙන් බංග්ලාදේශයේ විදුලි සැපයුමට දැඩි බලපෑම් එල්ල වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් අදානි සමාගම පවසා ඇත්තේ මූල්‍ය වාතාවරණය නොතකා බංග්ලාදේශයට විශ්වාසදායක බලයක් සැපයීම සඳහා අඛණ්ඩව කැපවී සිටින බවයි 

2017 නොවැම්බරයේදී ශෙයික් හසීනාගේ රජය යටතේ අදානි සමාගම සමඟ මෙගාවොට් 1600ක ගල් අඟුරු විදුලිය සැපයීමේ ගිවිසුමක් අත්සන් කර තිබුනා 

මෙම ගිවිසුම මිල අධික ගිවිසුමක් බවත්  අදානි සමාගමට ණය වී ඇති ඩොලර් මිලියන 800කින් ඩොලර් මිලියන 492ක් ගෙවීමට ප්‍රමාද වී ඇති බවද පසුගියදා අන්තර්වාර රජයේ ප්‍රධානි මහාචාර්ය මොහොමඩ් යූනුස් ප්‍රකාශ කර තිබෙනවා 

මේ වන විට බංග්ලාදේශය විශාල බලශක්ති අර්බුදයකට මුහුණ පා සිටින අතර එම ක්ෂේත්‍රයේ ණය මුදල ඩොලර් බිලියන 3.7 දක්වා ඉහළ ගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.  

අන්තර්වාර රජය තම බලශක්ති අර්බුදය ඇතුළුව රටේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ලෝක බැංකුව ඇතුළු ජාත්‍යන්තර ණය දෙන්නන්ගෙන් මූල්‍ය ආධාර ලබා ගැනීමට අපේක්ෂා කරමින් සිටින බවයි වාර්තා වෙන්නේ.

බංග්ලාදේශය මෑත වසරවල ශීඝ්‍ර වර්ධනයක් අත්විඳ ඇති නමුත් උග්‍ර බලශක්ති හිඟය, පසුගිය පාලනය විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග දූෂණයට සහ අකාර්යක්ෂමතාවයට හේතු වී ඇති බවයි  විචාරකයින් පෙන්වා දෙන්නේ