Thursday, September 19, 2024

General line - 0115112241

දෙහිවල වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් සොයන්න පොලිස් කණ්ඩායම් හතරක්




දෙහිවල, බඩෝවිට ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඒ සඳහා පොලිස් කණ්ඩායම් හතරක් පත්කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඒ අනුව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය, ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සහ දෙහිවල පොලිස් ස්ථානයේ කණ්ඩායම් දෙකක් සැකකරුවන් සොයා විමර්ශන ආරම්භ කර තිබෙනවා.

අදාළ පුද්ගලයා බඩෝවිට සිය නිවස ඉදිරිපිට රැඳී සිටියදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලාගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

තුවාල ලැබූ එම පුද්ගලයා පළමුව ඇතුළත් කෙරුණේ කළුබෝවිල රෝහලටයි.

ඉන් අනතුරුව ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔහු මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි පුද්ගලයෙකු බවට මේ වනවිට සිදුකල පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.