උතුරු සහ නැගෙනහිර පළාත්වල රජයේ වී ගබඩා පිලිසකර කිරීමේ කටයුතු යුද හමුදාව විසින් මේ වන විට ආරම්භ කර තිබෙනවා.
ඒ, මහ කන්නයේ රජය විසින් මිලදී ගැනීමට නියමිත වී තොග ආරක්ෂිතව ගබඩා කිරීම සඳහායි.
එම වැඩපිළිවෙලට අනුව මුලතිව් පුදුකුඩීඉරිප්පු රජයේ වි ගබඩාව පිලිසකර කිරීමේ කටයුතු යුද හමුදාව විසින් ඊයේ සිට ආරම්භ කර තිබෙනවා.
පුදුකුඩිඉරිප්පු රජයේ වී ගබඩාව කොරෝනා වසංගතයටත් පෙර සිට කිසිදු ප්රයෝජනයකට නොගෙන අතහැර දමන ලද වී ගබඩාවක් වන අතර එම ගබඩාව අතහැර දැමීමෙන් පසු එය විවිධ විෂමාචාර ක්රියා සිදු කිරීමට යොදා ගෙන තිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.