Thursday, September 19, 2024

General line - 0115112241

යාගී සුළි කුණාටුවෙන් මියන්මාරයේ මියගිය ගණන සියය ඉක්මවයි




මියන්මාරයට බලපෑ ‘යාගි‘ සුළි කුණාටුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 113ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තවත් පුද්ගලයින් 64 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

පුද්ගලයින් තුන් ලක්ෂ 20,000ක් ද පීඩාවට පත්ව තිබෙනවා.

‘යාගි’ සුළි කුණාටුව හේතුවෙන් වියට්නාමය, ලාඕසය සහ තායිලන්තය යන රටවලට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

ඒ අනුව සුළි කුණාටුව හේතුවෙන් ගිනිකොණ දිග ආසියානු රටවල සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව ද 350 ඉක්මවා ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.