Wednesday, January 22, 2025

General line - 0115112241

ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ බිනර පුර පසළොස්වක පොහොය අදයි - නෙත් ශ්වේත පූජා පිංකම් රැසක් අද දවස පුරා.




සම්බුද්ධ ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ බිනර පුර පසළොස්වක පොහොය දිනය අදයි.

මෙහෙණි සසුනේ ආරම්භය සිදු වූයේ අදවන් බිනර පුර පසළොස්වක පොහොය දිනයක බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ රජරට විශ්ව විද්‍යාලයේ මහාචාර්ය, පූජ්‍ය ඔලගන්වත්තේ චන්දසිරි ස්වාමින් වහන්සේ.

මේ අතර සෑම පුර පසළොස්වක පොහොය දිනකම සංවිධාන කෙරෙන නෙත් එෆ් එම් ශ්වේත පූජා වැඩසටහන අද දිනයේ ද අලුයම 06.00ට ආරම්භ කෙරුණා.

ඒ, උවැසි උවැසියන්ට සිල් සමාදන් කරවීමත් සමඟයි. පෙරවරු 07.00 සිට අද දවස පුරා ධර්ම සාකච්ඡා, ධර්ම දේශනා, ආශිර්වාද බෝධි පූජා ඇතුළු විවිධ ආගමික වැඩසටහන් ක්‍රියාත්මකයි.

නෙත් එෆ් එම් රේඩියෝව ඔස්සේ ශ්‍රාවක ඔබට ද එම සියලු වැඩසටහන් ශ්‍රවණය කළ හැකි වනවා.