Thursday, September 19, 2024

General line - 0115112241

ගාලු තණ තීරුවේ නවසීලන්ත වේග පන්දු යවන්නන් වැඩ දමයි




සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය මේ වන විට පැවැත්වෙනවා.

ඒ, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි. 

තරඟයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ධනංජයද සිල්වා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව දිවා ආහාරය සඳහා තරඟය නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 02ක් දැවී ලකුණු 88ක් රැස් කරගෙන සිටියා.

පළමු කඩුල්ල ලෙස දිමුත් කරුණාරත්න දැවී ගියේ ලකුණු දෙකක් පමණක් රැස් කරගෙන සිටියදීයි.

දෙවන කඩුල්ල ලෙස පැතුම් නිස්සංක ලකුණු 27කට දැවී ගියා.

ආබාධයකට ලක් වීම හේතුවෙන් ඇන්ජලෝ මැතිව්ස්ට ලකුණු 12ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් වීමට සිදු වුණා. 

දඟ පන්දු යවන්නන්ට යෝග්‍ය බවට ප්‍රචලිත ගාල්ල තණ තීරුව තුළ නවසීලන්ත ආරම්භක වේග පන්දු යවන්නන් ශ්‍රී ලංකා පිතිකරුවන්ට ප්‍රබල තර්ජනයක් එල්ල කරන ආකාරය තරඟයේ මුල සිටම දැකගත හැකි වුණා.