Sunday, September 22, 2024

General line - 0115112241

මාලිමාවෙන් නිවේදනයක්




2024 ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කර ප්‍රතිඵල නිකුත් කිරීමේදී කිසිදු අකටයුත්තකට ඉඩ නොතබා එම කාර්යය ඉතාම නිවැරදිව හා නිරවුල් ලෙස සිදු කිරීමට මැතිවරණ කොමිසම හා ඊට අදාළ නිලධාරීන් කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බව ජාතික ජන බලවේගය පවසනවා.

එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ආරක්ෂාව තහවුරු කිරීමට පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බවයි.

ඇඳිරි නීතිය පැනවීම ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කරන අවස්ථාවේ මහජන සාමය පවත්වා ගැනීමේ අරමුණින් පමණක් සිදු කරන්නක් වන බවට සිය පක්ෂය විශ්වාස කරන බවද එම නිවේදනයේ සඳහන්.

පශ්චාත් මැතිවරණ කාලයේ රට තුළ උපරිම සාමකාමී තත්වයක් පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා මෙන් ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටින බවත් රට තුළ සාමකාමීත්වය ආරක්ෂා කර ගැනීම සඳහා උපරිම සහාය දක්වන මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ජාතික ජන බලවේගය වැඩිදුරටත් පවසනවා.