Thursday, September 19, 2024

General line - 0115112241

කුලියාපිටියේ ඉදිකළ වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් ජනපති අතින් විවෘත වෙයි




කුලියාපිටිය ප්‍රදේශයේ ඉදි කෙරුණු “වෙස්ටන් ඔටෝමොබයිල් ඇසෙම්බ්ලි ප්‍රයිවට් ලිමිටඩ්” කර්මාන්ත ශාලාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද විවෘත කෙරුණා.

දකුණු ආසියාවේ දැවැන්තම වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව වන මෙම කර්මාන්ත ශාලාව සඳහා වැය කර ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 27ක් වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

මෙම කර්මාන්ත ශාලාවේ එකලස් කරන ලද පළමු වාහනය වන ආසන 15ක මගී වෑන් රථයක් මෙම මාසය අවසානයේ වෙළඳපොළට නිකුත් කිරීමට නියමිත බවද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වෙනවා.