Wednesday, November 27, 2024

General line - 0115112241

රජයේ බදු මුදල් ගැන කරන චෝදනාවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකාගෙන් පිළිතුරු

කොළඹ නිරෝෂන් 




ආණ්ඩුවෙන් තමාට අවුරුදු නමයක් පැන්ෂන් එකවත් නොදුන්න බවත්.තමා කෑවේ බිවුවේ ආණ්ඩුවේ සල්ලි වලින් නොවන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය පවසනවා 

සමාජ මාධ්‍යයක තමන් පිළිබඳ සිදුකළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් මාධ්‍යය හමුවේදී මේ බව පවසා සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසා සිටියේ මෙවැන්නක් 


" මම ජෙවීපි අයට කොල්ලා කිව්වා තමා ඒත් මම ඒක කිව්වේ ඒ අයට අපහාස කරන්න නෙමේ..ගැමි ව්‍යවහාරයේ ආදරේට කියන්නේ කොල්ලා කෙල්ල කියලා තමයි..

මම දන්නවා ඕක කියන සමාජ මාධ්‍ය කාරයා..

මම කිව්වා ගමේ සිංහල කතා කරන කොල්ලන්ට බලයට ඉන්න ලැබුණේ බණ්ඩාරනායක මහතා නිසා කියලා..

ගැමි ව්‍යවහාරයේ ආදරේට කතා කරන්නේ කොල්ලා කෙල්ල කියලා..

මගේ රදල මාන්නයක් නැහැ..එහෙම කියන කතාව වැරදියි..

අපි කාගෙන්වත් කාලා නෑ අපේ තියෙන දේවල් දුන්නා මිසක්..අපේ ඉඩම් අක්කර තුන්දාස් ගණනක් දුන්නා..

ආණ්ඩුවෙන් මට මුකුත් දීලා නෑ මහින්ද රාජපක්ෂ එයාගේ අවුරුදු නමයේම මගේ පැන්ෂන් එක දුන්නෙත් නෑ..

2015 දී මට 94000ක් පැන්ෂන් එක දුන්නා..

මගේ සේවකයන්ගේ පඩි ගෙවන්නේ මම වතුර බිල් ලයිට් බිල් ගෙවන්නෙත් මම...

මට රජයෙන් දීලා තියෙන්නේ මේ ගෙදර විතරයි ..

මහින්දගේ කාලේ මට මේකේ හදන්න පිරිසිදු කරන්න සල්ලි දුන්නේ නෑ..

ඒවා කළේ මගේ ඉඩම් විකුණලා..

මට වාහන කිහිපයක් දීලා තියෙනවා අවුරුදු 14ක් විතර පරණ..

ප්‍රභූ වාහනය භාර දීපු එකම පුද්ගලයා මම..

මම කාර් පර්මිට්  ගත්තේ නෑ....

මට කාර් හතරක් තියෙනවා ඕන නම් ඒවා ගත්තදෙන්. මම බස් එකේ යන්න ලැජ්ජ වෙන්නෙ නෑ..

සමහරු ආණ්ඩුවේ බිලෙන් කෑම කෑවා.. 

මම ආණ්ඩුවේ බිල ගත්තේ නෑ.රාජ්‍යතාන්ත්‍රික වලට පමණක් වෙනම බිලක් ගෙව්වා. 

මම කෑවේ මගේ සල්ලි වලින්..මගේ ගෙදර බිල ගෙව්වේ මම.."