Wednesday, November 27, 2024

General line - 0115112241

පාසල් බස් රථ සහ වෑන් රථ හැටන්හීදී හදිසි පරීක්ෂාවකට

රංජිත් රාජපක්ෂ




පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථ සහ වෑන් රථ හැටන් ප්‍රදේශයේදී අද හදිසි පරීක්ෂාවකට ලක් කළා.

ඒ, හැටන් පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ නිලධාරින් විසින්.

උදෑසන පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමෙන් අනතුරුව එම බස් රථ සහ වෑන් රථ හැටන් පොලිසිය ඉදිරිපිටට රැගෙනවිත් තිබෙනවා.

එහිදී එම වාහනවල ඇති සියලුම අඩුපාඩු පොලිසිය විසින් රියදුරන් වෙත පෙන්වා දුන් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

අදාළ අඩුපාඩු නිවැරදි කිරීමට එම රියදුරන්ට දින 14 ක කාලයක් ලබාදී තිබෙනවා.