Wednesday, November 27, 2024

General line - 0115112241

සැප්තැම්බරයේ උද්ධමනය පහළට




කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය සැප්තැම්බර් මාසය සඳහා සෘණ සියයට 0.5 ක් දක්වා අඩු වී තිබෙනවා.

පසුගිය අගෝස්තු මාසයේ උද්ධමන අනුපාතය සියයට 0.5ක් ලෙස පැවති බවයි ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසුවේ.

සැප්තැම්බර් මාසයේ ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය සෘණ සියයට 0.3 ක් දක්වා  අඩු වී තිබෙනවා.

එය පසුගිය මාසයේ වාර්තා වුයේ සියයට 0.8 ක් ලෙසයි.

මේ අතර පසුගිය අගෝස්තු මාසයේ වාර්තා වූ සියයට 0.4 ක් ලෙස වාර්තා වූ ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය මෙම මාසයේ සෘණ  සියයට 0.5 ක් දක්වා අඩු වී ඇති බවයි ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.