Wednesday, November 27, 2024

General line - 0115112241

විමල් වීරවංශට එරෙහි නඩුවක සාක්ෂි විභාගය කල් යයි

උදය කුමාර




හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර තිබෙන නඩුවක වැඩිදුර සාක්ෂි විභාගය ඔක්තෝබර් මස 28 වනදා කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා.

ඒ, එක්සත් ජාතීන්ගේ එවක මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු 2016 වසරේ     ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී කොළඹ තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය අසල මාර්ග අවහිර කිරීම තුළින් මහජන පීඩාවක් සිදු කළේ යැයි වූ චෝදනාවට අදාළවයි.

මෙම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී පොලිස් සාක්ෂි සටහන් කර ගැනීම සිදුවූ අතර වැඩිදුර සාක්ෂි විභාගය ඔක්තෝබර් මස 28 වනදා දක්වා කල් දැමුණා.

හිටපු අමාත්‍ය විමල් වීරවංශ, වීරකුමාර දිසානායක, මොහොමඩ් මුසම්මිල්, රොජර් සෙනෙවිරත්න මහතා ඇතුළු පිරිසකට එරෙහිව කුරුඳුවත්ත පොලිසිය විසින් මෙම නඩුව ගොනුකර තිබුණා.