Tuesday, October 22, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් අනාගතය තීරණය කෙරෙන තීරණාත්මක තරඟය අද




පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන තවත් තරඟයක් ඩුබායිහීදී අද පැවැත්වෙනවා.        

ඒ, ඉන්දීය කාන්තා කණ්ඩායමට එරෙහිවයි.

පසුගිය ආසියානු කුසලාන අවසන් මහා තරඟයෙන් පසු මෙම කණ්ඩායම් දෙක එකිනෙකා මුණ ගැසෙන පළමු තරඟය මෙයයි.

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙතෙක් සහභාගී වූ තරඟ දෙකෙන්ම පරාජයට පත් වුණා.

ඉන්දීය කණ්ඩායම තරඟ දෙකකට සහභාගී වී එක් තරඟයක් ජයගෙන අනෙක් තරඟයෙන් පරාජයට පත් වුණා.

තරඟාවලියේ සිදු වූ අත්වැරදීම් සම්බන්ධයෙන් චමරි අතපත්තු මෙලෙස අදහස් පළ කළා. 

තරුණ ක්‍රීඩිකාවන් දක්ෂතා අතරට නොපැමිණීම සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ වුණා. 

මෙම තරඟය ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශය වැදගත් වන්නේ ලෝක කුසලානයේ ඉදිරිය පිළිබඳ බලාපොරොත්තු තබා ගැනීමට මෙන්ම ඉදිරි ලෝක කුසලානය සඳහා ඍජුව සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව උදා කර ගැනීමටද අතිශය වැදගත්.