ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයන් සහිත ගිවිසුම ලබන 23වනදා අත්සන් කිරීමට හැකි වෙතැයි අපේක්‍ෂා කළ හැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන පිළිබඳව මෙහිදී අදහස් පළ වුණා.
මන්දපෝෂණයෙන් පෙළෙන ළදරුවන්ට සහ ගර්භනී මව්වරුන්ට සහන සලසන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවා.
ආබාධිත ප්‍රජාවට දීමනාවක් ලබා දීමට කටයුතු කරන බවද ප්‍රකාශ කෙරුණා.
ඉදිරි මාස 04ක් සඳහා මුදල් වෙන් කරවා ගැනීමට අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරන බවයි ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ.
සංචාරක ක්ෂේත්‍රයෙන් ඉහළ ආදායමක් උත්පාදනය ප්‍රමුඛ අරමුණක් බවයි ජනාධිපතිවරයා පැවසුවේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ ෂඔ ක්ෂේත්‍රයේ වෘත්තිකයින් ලක්ෂ 02 දක්වා වැඩි කිරීමේ සැලසුමක් පවතින බවයි.
ජනතාවට ලබා දෙන සහන සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙහිදී අදහස් පළ කළා.
ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් වැඩිදුරටත් පැවසුවේ ආන්දෝලනයට තුඩු දුන් අපරාධ පිළිබඳ යළි විමර්ශන ආරම්භ කරන බවයි.