Tuesday, October 22, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට අමිහිරි පරාජයක්




පන්දු වාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ සිව්වන තරගය ද පරාජයට පත් වුණා.

නවසීලන්ත කණ්ඩායම සමඟ පැවති එම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 05ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 115ක්.

නායිකා චමරි අතපත්තු ලකුණු 35යි.

හර්ෂිතා සමරවික්‍රම ලකුණු 18ක් රැස්කළා.

සෙසු කිසිදු ක්‍රීඩිකාවකට ලකුණු 15 සීමාව පසුකර යාමට හැකි වූයේ නැහැ.

ජයග්‍රාහී ලකුණු 116ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 3ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 118ක් රැස් කරමින් තරගය ජය ගත්තා.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පෙර පැවති තරග තුනම පරාජයට පත්වීම හේතුවෙන් අද තරගයට ක්‍රීඩා කළේ පන්දු වාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන සිහිනය බොඳව තිබූ පසුබිමක් තුළයි.