Wednesday, October 23, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව්ව අතර පළමු එක්දින තරගයට වැස්සෙන් බාධා




සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයට  වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දෙන කොදෙව් කණ්ඩායම වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට පන්දුවාර 38යි පන්දු 03ක් අවසානයේ කඩුළු 4ක් දැවී ලකුණු 185ක් රැස් කරගෙන සිටියා 

Sherfane Rutherford නොදැවී  74 ක් සහ රොස්ටන් චේස් ලකුණු 33ලබා ගෙන තිබුනා.

පන්දු යැවීමේදී  වනිදු හසරංග කඩුලු දෙකක් ද ජෙෆ්රි වැන්ඩර්සේ එක් කඩුල්ලක් සහ චරිත් අසලංක එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් විය