Monday, November 18, 2024

General line - 0115112241

මෝදිට නයිජීරියාවෙන් ගෞරව නාමයක්




ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නයිජීරියාවේ ඉහළම ජාතික ගෞරව නාමය වන ග්‍රෑන්ඩ් කමාන්ඩර් ඔෆ් ද ඕඩර් ඔෆ් ද නයිජර් සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා.

ඒ අග්‍රාමාත්‍යවරයාගේ නජිරියා සංචාරය අතරතුරයි.

අනතුරුව අගමැති නරේන්ද්‍ර මෝදි  ප්‍රකාශ කළේ එම ගෞරවය ඉන්දීය-නයිජීරියාවේ උපායමාර්ගික හවුල්කාරිත්වය නව තලයකට ඔසවා තැබීමට තමාව දිරිමත් කරන බවයි.

ඔහු නයිජීරියාවේ රජයට සහ ජනතාවට සිය හෘදයාංගම කෘතඥතාව පළ කළා.

එමෙන්ම තමාට හිමිවූ ගෞරවය කෝටි 140 ක් පමණ වන ඉන්දියානුවන්ට සහ ජාතීන් දෙක අතර ගැඹුරු මිත්‍රත්වයට කැප කරන බව ද මෝදි පවසා තිබෙනවා.

නයිජීරියානු ජනාධිපති බෝලා අහමඩ් ටිනුබු විසින් අබුජාහිදී අගමැති නරේන්ද්‍ර මෝදි වෙත නයිජර් ඔෆ් නයිජර් (GCON) හි ග්‍රෑන්ඩ් කමාන්ඩර් ප්‍රදානය කළ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

එලිසබෙත් රැජින 1969 දී GCON සම්මානයෙන් පිදුම් ලැබූ එකම විදේශීය සම්භාවනීය කාන්තාව වේ.