Friday, November 22, 2024

General line - 0115112241

ඇමති විජිත කටුනායක ගුවන්තොටුපොළේ නිරීක්ෂණ චාරිකාවක 

ටී කේ ජී කපිල




ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය විජිත හේරත් මහතා කටුනායක ගුවන්තොටුපළේ නිරීක්ෂණ චාරිකාවකට එක්ව තිබෙනවා.

එහිදී අමාත්‍යවරයා ගුවන්තොටුපළේ සියලු අංශ පූර්ණ නිරීක්ෂණයකට ලක් කළ බවයි එම අමාත්‍යංශය පැවසුවේ.

එම අංශවල සේවකයන් සමඟ කතා බහක නිරත වූ අමාත්‍ය විජිත හේරත් මහතා ඔවුන්ගේ ගැටලුවලට හැකිතාක් පිළියම් යෙදූ බවද ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය පැවසුවා.