Saturday, December 14, 2024

General line - 0115112241

හිටපු ජනාධිපති මහින්දගේ ආරක්ෂාව ගැටළුවක් නැහැ පොලීසිය කියයි




හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්‍ෂාව සඳහා පොලිස් නිලධාරීන්ට අමතරව හමුදා නිලධාරීන්ද යොදවා ඇති බව පොලීසිය පවසනවා. 

ඒ අනුව හිටපු ජනාධිපතිවරයාගේ ආරක්‍ෂාව කිසිදු අයුරකින් බිඳවැටී නොමැති බව නිරීක්‍ෂනය වන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. 

මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු හිටපු ජනාධිපතිවරුන් සඳහා ආරක්‍ෂක නිලධාරීන් සංඛ්‍යාව 60 දක්වා අඩු කිරීමට පියවර ගනු ලැබුවා. 

ඒ, වත්මන් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙහි දක්වා ඇති විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අහෝසි කිරීම යන ප්‍රතිපත්තිමය තීරණයට අනුවයි. 

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්‍ෂක කටයුතු ආවරණය කිරීම සඳහා අනියුක්ත කර සිටින පොලිස් නිලධාරීන්ගේ වැය බර වාර්ෂිකව රුපියල් මිලියන 1,100ක් වන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ එම නිවේදනයේ දැක්වෙන්නේ. 

ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් වාර්ෂිකව රුපියල් මිලියන 326කට වැඩි මුදලක් වැය වන බවද පොලීසිය පැවසුවා. 

කෙසේවෙතත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්‍ෂක නිලධාරීන් සංඛ්‍යාව අඩු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන නීතිඥ මනෝජ් ගමගේ මහතා දැක්වූයේ මෙවන් අදහසක්.