අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරී සංජීව මහනාම මහතාට අයත් බී.එම්.ඩබ්ලිව් වර්ගයේ වාහනයක් ඇතුළු රථ වාහන තුනක් සහ ඉඩම් දෙකක් තහනම් කරමින් නිකුත් කර තිබූ නියෝගයක් තවත් මාස තුනක කාලයක් සඳහා දීර්ඝ කිරීමට කොළඹ මහාධිකරණය නියම කළා.
අල්ලස් පනත යටතේ එම තහනම් නියෝග තවදුරටත් දීර්ඝ කරන ලෙස අල්ලස් කොමිසම විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් මෙම නියෝගය නිකුත් කළා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධය මෙහෙයවූ බවට සැක කෙරෙන මෙම සහකාර පොලිස් අධිකාරිවරයා විසින් අයථා ලෙස වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.