රජයට අයත් වාණිජමය නොවන ආයතන පිළිබඳ සමාලෝචනයක් සිදු කර නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවක් අනුවයි.
අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව කියා සිටියා.
ඩිජිටල් විසඳුම් හුවමාරු කිරීමේ සහයෝගිතාව පිළිබඳව ඉන්දියානු රජය සහ ශ්‍රී ලංකා රජය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමටද කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
මේ අතර කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා උසස් ආරයේ ගවයින් පාකිස්තානයෙන් ආනයනය කිරීමට ද අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාවක් අනුමත වී තිබෙනවා.