ගනේමුල්ල යුද හමුදා කඳවුරට අයත් කැබ් රථයක යතුරු පැදියක් ගැටීමෙන් සිදු වූ අනතුරෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඒ, වැල්ලවාය තණමල්විල ප්රධාන මාර්ගයේ වැල්ලවාය පොලිස් බල ප්රදේශයට අයත් සෝමියල් හංදිය ප්රදේශයේදීයි.
අනතුරෙන් යතුරුපැදියේ ගමන් කළ පුද්ගලයා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්රතිකාර සඳහා මොණරාගල දිස්ත්රික් මහරෝහලට මාරුකර යැවීමෙන් පසුවයි ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.
ඇතිලිවැව වැල්ලවාය ප්රදේශයේ පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙක් එලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අනතුර සම්බන්ධයෙන් යුද හමුදා කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බවයි වැල්ලවාය පොලිස් ස්ථානය පැවසුවේ.