මරණීය දණ්ඩනය නියම වී සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේසුදා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව ගොනු කර තිබුණු නඩුවක තීන්දුව ජනවාරි මස 15 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය අද නිවේදනය කළා.
ඒ, හෙරොයින් මත්කුඩු ජාවාරමෙන් උපයා ගත් රුපියල් කෝටි 17කට අධික වත්කම් දේපළ අත්පත් කරගත්තේ යැයි චෝදනා කරමින් ගොනු කර තිබූ නඩුවකට අදාළවයි.
මෙම නඩුවේ තීන්දුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා.
එහෙත් විනිසුරුවරයා නියෝග කළේ එම තීන්දුව සූදානම් නොමැති බැවින් එය ප්‍රකාශ කිරීම ජනවාරි මස 15 වනදා සිදු කරන බවයි.
හෙරොයින් මත්කුඩු ජාවාරමෙන් උපයාගත් රුපියල් කෝටි 17කට අධික මුදලක් වැය කර රාජගිරිය, දෙහිවල හා මාදිවල ප්‍රදේශවල වත්කම් අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කොට වෙලේසුදා, ඔහුගේ බිරිඳ හා ඥාති සහෝදරියකට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.