බෙන්තොට රජයේ රෝහලේ හදිසි ප්රතිකාර අංශයේ තිබී කිසිවෙකු විසින් සොරාගෙන ගිය බව කියන ECG යන්ත්රය එම රෝහලට ඇතුළු වන දොරටුව අසල දමා ගොස් තිබියදී සොයාගෙන තිබෙනවා.
පසුගිය 18 වනදා සිට එම ECG යන්ත්රය රෝහලෙන් අතුරුදන්ව තිබූ බවයි පොලිසිය පැවසුවේ.
එය පොලිතීන් දවටනයක ඔතා පාර්සලයක් ලෙස සකස් කර රෝහල් දොරටුව අසල දමාගොස් තිබෙනවා.
එම පාර්සලය තුළ තිබී ඔක්සිජන් පරීක්ෂණ යන්ත්රයක් ද සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.
ඇල්පිටිය පොලිස් කොට්ඨාසයේ ඇඟිලි සලකුණු අංශයේ නිලධාරීන් පැමිණ රෝහල් සේවකයින්ගේ ඇඟිලි සලකුණු සහ ප්රකාශ ලබා ගැනීමෙන් පසු එම යන්ත්ර දෙක බෙන්තොට රෝහල වෙත භාරදුන් බවද පොලිසිය පැවසුවා.
පසුගිය 18 දින රාත්රී කිසිවකු විසින් රුපියල් දෙලක්ෂ විසිපන්දහසක් පමණ වටිනා ECG යන්ත්රය සොරාගෙන ගොස් ඇති බවට රෝහලේ හදිසි ප්රතිකාර අංශය භාර හෙද නිලධාරිනිය විසින් බෙන්තොට පොලිසියට පැමිණිලි කර තිබුණා.
ඒ අනුව පොලිස් විමර්ශන ආරම්භ වූ අතර එහිදී අනාවරණ වී ඇත්තේ රෝහලේ ඉදිරිපස ප්රධාන දොරටුව අගුළු දමා වසා තිබියදී මෙම සොරකම සිදුව ඇති බවයි.
එම රෝහලේ ආරක්ෂක නිලධාරීන් හෝ මුරකරුවන් නොමැති බවයි එහිදී වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ.
කෙසේවෙතත් මෙම සොරකම සිදුකල පුද්ගලයින් සොයා තවදුරටත් විමර්ශන ක්රියාත්මක බවයි පොලිසිය පැවසුවේ.