අලෙවි කිරීම සඳහා ප්‍රමාණවත් සහල් ප්‍රමාණයක් මෙතෙක් ලැබී නොමැති බව මරදගහමුල සහල් නිෂ්පාදන සංගමය පවසනවා.
එහි සභාපති බී කේ රංජිත් මහතා පැවසුවේ සහල් නොමැතිව ව්‍යාපාර ස්ථාන කිහිපයක්ම මේ වන විටත් වසා දමා ඇති බවයි.
පවතින මිල ගණන් යටතේ වී මිලදී ගෙන සහල් බවට පත් කර අලෙවි කිරීමේදී පාලන මිලට වඩා වැඩි පිරිවැයක් දැරීමට වෙළඳුන්ට සිදුවන බවයි මරදගහමුල සහල් නිෂ්පාදන සංගමයේ සභාපති බී කේ රංජිත් මහතා වැඩිදුරටත් පැවසුවේ.