Monday, December 23, 2024

General line - 0115112241

මාලිමාවට අනුබද්ධ සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ සාමාජිකත්වය ලබාගත් එකම පවුලේ තිදෙනෙකුට පහර දීමක්

රංජිත් රාජපක්ෂ




ජාතික ජන බලවේගයට අනුබද්ධ සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ සමාජිකත්වය ලබාගත් එකම පවුලේ තිදෙනෙකුට පහර දුන් ලංකා කම්කරු කොන්ග්‍රසයේ ආධාරකරුවෙකු නොර්වුඩ් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

නොර්වුඩ්, නිව්ටන් වතුයායේදී ලංකා කම්කරු කොන්ග්‍රසයේ හිටපු ආධාරකරුවෙකු, ඔහුගේ බිරිද සහ දොළොස් හැවිරිදි පිරිමි දරුවා එලෙස පහර කෑමට ලක්ව ඇති බවයි පොලිසිය පැවසුවේ. 

තුවාල ලැබු ඔවුන් තිදෙනා දික්ඔය මුලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

2025 වසර වෙනුවෙන් වතු වෘත්තිය සමිතිවලට සමාජිකයන් බදවා ගැනිමේදී ලංකා කම්කරු කොන්ග්‍රසයේ මෙතෙක් සමාජිකත්වය දැරු විශාල පිරිසක් සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ සමාජිකත්වය ලබාගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

ඒ අනුව පහර කෑමට ලක් වූ පිරිමි පුද්ගලයා සහ කාන්තාවද එම සංගමයේ සමාජිකත්වය ලබාගෙන තිබෙනවා. 

ඊට උරණ වූ සැකකරු මෙම පහරදීම සිදුකර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.