Thursday, May 9, 2024

General line - 0115112241

අත එන්නේ අලියාගේ බෙල්ලේ එල්ලීද?




ඉදිරි මැතිවරණවලදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත ලකුණින් තරග වැදීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කළහොත් තමන් ද ඊට එකඟ වන බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ විපක්ෂය නියෝජනය කරන කණ්ඩායම පවසනවා.

කෙසේ වෙතත් ඒ සඳහා කොන්දේසියක් ද තිබෙන බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සොයිසා කියා සිටියේ.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අනන්‍යතාවය රැකගෙන අත ලකුණින් තරඟ කිරීම සතුටට කාරණයක් බව ඔහු පැවසුවා.නමුත් අත ලකුණට අලියා ලකුණ එකතු වී ඇති එක දැන් පවතින ප්‍රශ්ණය බවත් ඔහු කියා සිටියා. අත ලකුණ අලියාගේ බෙල්ලේ එල්ලා ඡන්දය ඉල්ලීමට ගියහොත් නිදහස් පාක්ෂිකයාගේ ඡන්දය අහිමිවනු ඇති බවටත් ඔහු ප්‍රකාශ කළා.

ඉකුත් මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග වැදුණු සෙසු පක්ෂ කිහිපයකින් ද නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් විමසීමක් කළා. මේ පිළිබඳ අදහස් දැකවූ පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල ප්‍රකාශ කලේ වෙනස් කළ යුත්තේ පක්ෂ ලාංඡනය නොව නායකත්වය බවයි

ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඩ් මුසම්මිල් ද මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත අදහස් දැක්වූවා.
ඔහු ප්‍රකාශ කළේ මහින්ද අමරවීර කුමක් පැවසුවද ඉදිරි මැතිවරණයකදී ඔවුන් අත  ලකුණින් තරඟ නොකරන බවත් එක්සත් ජාතික පක්ෂය සමග සන්ධානගතව තරඟ කරන බවත්ය.