Wednesday, December 25, 2024

General line - 0115112241

බෝග වර්ග 06කට හෙක්ටයාරයකට ලක්ෂය බැගින් වන්දි දෙන්න අනුමැතිය




අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විනාශ වූ වී වගාව සඳහා උපරිම වශයෙන් හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ගෙවීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. 

එමෙන්ම බඩඉරිඟු, අර්තාපල්, මිරිස්, ලොකු ළුෑණු සහ සෝයා බෝංචි බෝග සඳහාද හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ගෙවීමට අනුමැතිය හිමි වූ බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ.

ඇතැම් ප්‍රදේශවල ගොවි ජනතාවට පොහොර සහනාධාරය මෙතෙක් නොලැබීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු එහිදී විමසීමක් කළා.