වයඹදිග තුර්කියේ කරේසි දිස්ත්‍රික්කයේ පුපුරන ද්‍රව්‍ය සහ පතරොම් කම්හලක පිපිරීමක් සිදුව තිබෙනවා.
එහිදී පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් ඇති බවයි එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය පවසන්නේ.
එමෙන්ම ගොඩනැගිල්ලක් කඩා වැටීම හේතුවෙන් තවත් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. එම අවස්ථාවේ කොපමණ පිරිසක් එම ගොඩනැගිල්ල තුළ සිටියේදැයි මෙතෙක් අනාවරණ වී නැහැ.
පිපිරීමෙන් මිය ගිය පිරිස වෙනුවෙන් තමන් දැඩි ලෙස කණගාටු වන බව තුර්කි ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
පිපිරීමට හේතුව සොයා රසායනික, යාන්ත්‍රික් වෘත්තීය ආරක්ෂාව සහ භෞතික ඉංජිනේරුවන් ඇතුළත් විශේෂඥ කමිටුවක් පත් කර ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.