සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර තුන්වන සහ අවසන් පන්දුවාර විස්සයි විස්ස තරඟය දැන් පැවැත්වෙනවා.
තරඟයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය තීරණය කළේ පළමුව පන්දු යැවීමටයි.
ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟයට එක් වන්නේ වෙනස්කම් දෙකක් සහිතවයි.
ඒ අනුව මතීෂ පතිරණ වෙනුවට චමිදු වික්‍රමසිංහ කණ්ඩායමට කැඳවා ඇති අතර කමිඳු මෙන්ඩිස් වෙනුවට කණ්ඩායමට කැඳවා ඇත්තේ භාණුක රාජපක්ෂයි.
තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 05ක් අවසානයේ කඩුලු දෙකක් දැවී ලකුණු 42ක් රැස් කරගෙන සිටියා.
පළමු කඩුල්ල ලෙස ලකුණු 14ක් ලබා සිටි පැතුම් නිස්සංක දැවී ගියා.
කුසල් මෙන්ඩිස් ලකුණු 22ක් රැස් කළා.
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන මෙම පන්දුවාර විස්සයි විස්ස තරඟාවලියේ පළමු තරඟ දෙකම නවසීලන්තය ජය ගෙන, තරඟාවලියේ ජයද මේ වන විටත් හිමි කරගෙන සිටිනවා.