මාතර බන්ධනාගාරයේ සිදුවූ අනතුරකින් රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
බන්ධනාගාරයේ වාට්ටුවක් මතට ඒ අසල පිහිටි බෝ ගසෙහි අත්තක් කඩා වැටී මෙම අනතුර සිදු වුණා.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ අනතුරෙන් රැඳවියන් 10 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
ඔවුන් කඩිනමින් රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබෙනවා.