පක්ෂ යාන්ත්රණය යළි පනගැන්වීම සඳහා නව වැඩපිළිවෙළක් මේ මස සිට ආරම්භ කරන බව ශ්රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සංජීව එදිරිමාන්න මහතා නෙත් නිවුස් වෙත සඳහන් කළේ මේ වසරේ පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කර ගනිමින් මෙම වැඩපිළිවෙළ ක්රියාවට නංවන බවයි.
නව වසරේදී පක්ෂය ශක්තිමත් කර ජයග්රාහී මාවතට ගෙන ඒම සඳහා කටයුතු සූදානම් කරමින් ඇතැයි සමගි ජන බලවේගයද පවසනවා.
එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළේ වර්තමාන පාලකයින් ජනතාවට සහන සැලසීම සඳහා ප්රායෝගික වැඩපිළිවෙළක් ක්රියාත්මක කළ යුතු බවයි.