Sunday, January 5, 2025

General line - 0115112241

ආණ්ඩුවට නව වසරේ පවතින ප්‍රධානම කාර්යය ආර්ථික විද්වතුන් පෙන්වා දෙයි




ස්ථායී වී ඇති ආර්ථිකය, වර්ධන මාවතකට ගෙන ඒම ආණ්ඩුවට නව වසරේ පවතින ප්‍රධානම කාර්යය බව ආර්ථික විද්වතුන් පවසනවා. 

ඒ සඳහා අපනයනය ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය වන්නා වූ ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යා යුතු බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුණුසිංහ මහතා පැවසුවේ.   


ආචාර්ය ප්‍රියංග දුණුසිංහ මහතා පැවසුවේ මේ වසරේදී සිදුවිය හැකි ආර්ථික ප්‍රතිසංස්කරණවලට මුහුණදීමට ජනතාවට සිදු විය හැකි බවයි. 


මේ වසරේ සිය පවුලේ ආදායම වර්ධනය කර ගන්නේ කෙසේද යන්න සැමටම ඇති ප්‍රශ්නයක්. 

මේ ඊට ප්‍රතිචාර දැක්වූ කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුණුසිංහ මහතා.