Sunday, January 5, 2025

General line - 0115112241

පොදු ප්‍රවාහනයේ අක්‍රමවත්භාවය නිසා වසරකට රුපියල් බිලියන 500ක පාඩුවක්




පොදු ප්‍රවාහන සේවයේ අක්‍රමවත්භාවය හේතුවෙන් වසරකට රටට රුපියල් බිලියන 500ක් අහිමි වන බව පෞද්ගලික බස් හිමියන් පවසනවා. 

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ පොදු ප්‍රවාහන සේවයේ ශක්තිමත් කිරීමට අදාළ යෝජනා ආණ්ඩුවට ලබා දීමට සූදානම් බවයි. 


ජනතාවට සහනයක් ලබා දීමට නම් සිය කර්මාන්තයට බදු සහන අත්‍යවශ්‍ය බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ. 

බදු සංශෝධනය නොකළහොත් මේ වසරේ සිදු වීමට නියමිත වාර්ෂික බස් ගාස්තුවට එය ඍජුව බලපාන බවද ඔහු කියා සිටියා.  


වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ලබන ජූලි මාසයේදී සිදු වීමට නියමිතයි.