Sunday, January 5, 2025

General line - 0115112241

සයිබර් ප්‍රහාරයට ලක්වූ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය පස්වරුවේ යථා තත්ත්වයට.




සයිබර් ප්‍රහාරයට ලක්වූ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය සහ පොලීසියේ යූටියුබ් නාළිකාව මේ වන විට යථා තත්ත්වයට පත් කරමින් සිටින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා. 

එහි ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද මහතා සඳහන් කළේ, අද පස්වරුව වන විට බොහෝ දුරට එම කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇති බවයි.


මෙම සයිබර් ප්‍රහාර කුමන පාර්ශවයක් සිදුකළේ ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරු අනාවරණය වී නොමැති බවයි ඔහු කියා සිටියේ. 


පසුගිය දෙසැම්බර් මස 31 වන දින පොලීසියේ සමාජ මාධ්‍ය ජාලාවලට සයිබර් ප්‍රහාරයක් එල්ල වූ අතර රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ද එවැනිම ප්‍රහාරයක් එල්ල වී තිබුණා.