Sunday, January 5, 2025

General line - 0115112241

සේවා කඩිනමින් ඉටු කිරීමට කම්කරු අමාත්‍යංශයෙන් නව වට්ස්ඇප් අංකයක්




පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවකයන්ගේ සේවාවන් වඩාත් කඩිනමින් ඉටු කිරීම සඳහා කම්කරු අමාත්‍යංශය විසින් නව වට්ස්ඇප් අංකයක් හඳුන්වා දී තිබෙනවා. 

070 722 78 77 එම වට්ස්ඇප් අංකය වනවා. 

කම්කරු අමාත්‍යංශය හා කම්කරු දෙපාර්තමේන්තුව වෙතින් සහන, මැදිහත්වීම් ඉල්ලා මහජනතාව විසින් ඉදිරිපත් කරන ලිපි සම්බන්ධයෙන් කඩිනම් ප්‍රතිචාර දැක්වීම සඳහායි මෙම වට්ස්ඇප් අංකය හඳුන්වා දී ඇත්තේ. 

කාර්මික සාමය පවත්වාගෙන යාම සහ එය තවදුරටත් ශක්තිමත් කිරීම කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අරමුණ වන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. 

ඒ අනුව මෙම වට්ස්ඇප් අංකය හඳුන්වා දෙන බවයි කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසන්නේ.