ගල්කිස්ස පොලිස් වසමේ බඩෝවිට නව පොලිස් මුරපොළ ජනතා අයිතියට පත් කර තිබෙනවා.
ඒ, මහජන ආරක්‍ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මහතා සහ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්.
නව පොලිස් මුරපොළ පිහිටා ඇති කටුකුරුඳුවත්ත ග්‍රාමසේවා වසම තුළ නිවාස 3,250ක් පමණ පිහිටා ඇති අතර එහි මුළු ජනගහනය 12,990ක් පමණ වනවා.
මහජනතාවට වඩාත් කාර්යක්‍ෂම සේවාවක් ලබා දීමටත් විශේෂයෙන් මත්ද්‍රව්‍ය හා අපරාධ මැඩලීමට වැඩි දායකත්වයක් ලබා ගැනීමත් නව පොලිස් මුරපොළ ස්ථාපිත කිරීමේ අරමුණ වන බවයි පොලීසිය පවසන්නේ.